(ප්‍රසන්න පත්මසිරි)
මැදගම අලුත්වෙල දහමල් ඔය ඉවුරේ තිබී අත් බෝම්බයක් අද(03) සොයාගත් බව පොලීසිය කියයි.
අලුත්වෙල ප්‍රදේශයේ තරුණයකු ඔය ඉවුරේ තිබූ මෙම අත් බෝම්බය දැක පොලීසියට දැනුම් දී ඇත.
පොලිස් නිලධාරින් පැමිණ මෙය අත් බෝම්බයක් බවට තහවුරු කරගෙන තිබේ.
ඔය ඉවුරේ තිබූ අත් බෝම්බය එම ස්ථානයේදීම ආරක්ෂිත ලෙස නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය කියයි.
මැදගම පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
-