
(රංජිත් රාජපක්ෂ )
හැටන් සිට මහවැලි ගගට ජලය ගලා බසිනා හැටන්ඔයේ තිබි නාඳුනන කාන්තා මළ සිරුරක් අද (07) දින සොයාගත් බව හැටන් පොලිසිය පැවසිය.
හැටන්ඔයේ ෂැනන් ෆෘට්හිල් වත්ත ප්‍රදේශයේ ඔයේ නාදුනන කාන්තා මළ සිරුරක් තිබෙන බවට එම වතු යායේ වතු කම්කරුවන් විසින් ලබාදුන් තොරතුරක් මත පොලිසිය සිරුර සොයාගෙන තිබේ.
අවු 50 පමණ වයසැති මිය ගිය කාන්තාවගේ සිරුර දින කිහිපයක් ඔයේ තිබෙන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
හැටන්ඔයේ තිබි සොයාගත් කාන්තා මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වි නොමැති වි ඇති අතර සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd