
(ඩයනා උදයංගනී)
වන්නි දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ධම්මික ප්‍රියන්ත මහතා කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබ සිටී.
ඔහු අද (23) නව ධූරයේ රාජකාරි භාරගත්තේය.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කළ ප්‍රියන්ත මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ කටයුතු කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසද ඔහු සේවය කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබාගෙන ඇති ධම්මික ප්‍රියන්ත මහතා එම විශ්වවිද්‍යාලයෙන්ම අපරාධ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇත.
ඔහු අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාධරයෙක්ද වෙයි.
මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර තක්සේරුකරුවකු යන සහතිකයද හිමිකරගෙන ඇති ධම්මික ප්‍රියන්ත මහතා මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායමේ ජාත්‍යන්තර අගය කිරීම සහ තක්සේරුකරණය පිළිබඳ ජාත්‍යන්තර අගය කිරීම් තක්සේරු කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ද කටයුතු කර තිබේ.
මූල්‍ය විමර්ශන පිළිබඳ වසර 10ක අත්දැකීම් ඇති නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත මහතා, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් අඳුරු ලැයිස්තුවට ඇතුළත් කර තිබූ ශ්‍රී ලංකාව ඉන් ඉවත් කරගැනීම සඳහා පත් කරන ලද ශ්‍රී ලංකා දූත පිරිසට එක්වෙමින් ඒ සඳහා ද සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත