IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බකමූණ කුමාරඇල්ල ගොවිහු වගාවට ජලය නැතිව ලත වෙති

(කාංචන කුමාර ආරියදාස)

පීදෙන ගොඩ බෝග ගොවිතැනට ජලය ලබා නොදීම රජයට විරුද්ධව ගොවීන් කුපිත කිරීමේ කුමන්ත්‍රණයක් දැයි ඇලහැර බකමූණ කුමාරඇල්ල ගොවි නියෝජිතයෝ බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටිති.

මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව සෞභාග්‍යයෙ දැක්ම නව වැඩ වැඩසටහන යටතේ බකමුණ කුමාරඇල්ල මහවැලි ගම්මානයේ අක්කර සියයකට අධික ප්‍රමාණයක ගොඩ බෝග වගා කිරීම් සඳහා අතරමැදි කන්නයකට මොරගහකන්ද ජලාශයේ ජලය ලබා දෙන බව බලධාරීන් පැවැසීම නිසා වගා කටයුතු ආරම්භ කළ බව ගොවීහු පවසති.

මුන් ඇට, කවුපි, වට්ටක්කා , බඩ ඉරිගු ,මිරිස්, කැකිරි, බණ්ඩක්කා, බතල ආදි ගොඩ බෝග රැසක් වගා කළ බව ඔවුහු කියති.

මේ වන විට එම වගාවන් මල් හටගෙන ඵල දැරීම ආරම්භ වන සමයේ ඇළවේලි නඩුත්තු කිරීමට යැයි පවසා  මොරගහකන්ද ජලාශයෙන් මෙම මහවැලි ගම්මානයට ජලය නිකුත් කිරීම නවතා ඇතැයි ගොවීහු චෝනා කරති.

මේවනවිටත් අක්කර සියයකට අධික ප්‍රමාණයක් විනාශ වන බව ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු එච්.එම්.ඩී.තිලකරත්න මහතාගෙන් කළ විමසීමේ මෙසේ කියා සිටියේය.

මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග නිලධාරීන් එක්ව මොරගහකන්ද ජලාශයේ ජලය නිකුත් කිරීම් සඳහා ක්‍රියාවලියක් පවත්වාගෙන යනවා. ඒ අනුව ගනු ලැබූ තීරණයකට අනුව ඇළවේලි දින දහයක් ඇතුළත ප්‍රතිසංස්කරණ කළ යුතුයි.  

මට පමණක් එම තීන්දු තීරණ වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. කිසිදු කූට වැඩක්  හෝ සැලසුමක් නැහැ. මෙය ගොවීන් සමග ගත් තීන්දු. එම තීරණ ක්‍රියාත්මක කරනවා.



අදහස් (0)

බකමූණ කුමාරඇල්ල ගොවිහු වගාවට ජලය නැතිව ලත වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site