(එස්. ඩි.කොඩිකාර )
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළදී කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙනවිත් දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි කොටපොළ ප්‍රාදේශීය ලේකම් ගනේෂ අමරසිංහ මහතා පැවසීය.
කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංවර්ධන නිලධාරියා සහ ග්‍රාම නිලධාරීවරයා සම්බන්ධ කරගෙන මෙම කටයුත්ත සිදුකරන බව ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව කොට්ඨාශයේ සංවර්ධන නිලධාරියා වෙත ලබාදීමෙන් පසුව එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා එම භාණ්ඩ ලැයිස්තුව සතොස හරහා ලබාගෙන එය සකසා සතොස නියෝජිතයෙකු සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනකු සමඟ අදාල නිවසටම ලබාදීමෙන් අනතුරුව මුදල් ලබා ගන්නා බව කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය .
මේ වන විටත් ග්‍රාම නිලධාරි වසම් 02 කට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදී ඇති බවත් තවත් ග්‍රාම නිලධාරී වසම් 35 ක් සඳහා ඒ ආකාරයෙන්ම භාණ්ඩ නිවසටම ගෙනවිත් දීමට කටයුතු සිදු කරමින් පවතින බවත් ලැබෙන භාණ්ඩ ලැයිස්තු වලට අනුව සතොස ගබඩාවේ භාණ්ඩ හිඟයක් පවතින බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොටපොල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම