(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේ දී යුද හමුදාව විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී පිස්තෝලයක් හා පතුරම් සමඟ කිනිසි තොගයක් ළඟ තබාගෙන සිටි මුස්ලිම් සැකකරුවන් දෙදෙනෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මන්නාරම 54 සේනාංකය විසින් තාරතාපුරම් ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමක දී එක් මුස්ලිම් සැකකරුවකු වූ නුජුමුදීන් මොහොමඩ් නැමත්තා සමීපයේ කිනිසි 6 ක් සහ පිස්තෝලයක් සමඟ පිස්තෝල සඳහා භාවිතා කරන පතුරොම් 386 ක් තිබී ඇති අතර අනෙක් සැකකරු වූ මොහොමඩ් නජීර් මොහොමඩ් ළඟ සිම් කාඩ් 286 ක් තිබී සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට යුද හමුදාව විසින් මන්නාරම් පොලීසියට බාර දී ඇත.
මන්නාරම් පොලීසිය විසින් අදාළ සැකකරුවන් මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් හංගන්න දෙයක් නැ. අන්තවාදී ත්‍රසත්වදී ගේ සන්නද්ද සාමාජිකයෝ පමණි දැනට අල්ලගන්න පුළුවන් උනේ . කටින් , පෑනෙන් (දේශපාලනෙන් ) සාමාජිකයෝ අල්ලන්නේ කවදාද ??