IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නායයාමේ අවදානම සහිත ප්‍රදේශ 10 ක් දකුණෙන්

ඩි ජි සුගතපාල

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 10ක් නාය යැමේ අවදානමට ලක්විය හැකි ප්‍රදේශ ලෙසට නම් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් නිලධාරි ඊ.ආර්.බන්දුල මහතා පැවසුවේ ගාල්ල කඩවත් සතර, අක්මිමණ, බද්දේගම, ඇල්පිටිය,ඉමදුව,නාගොඩ,නෙළුව,නියාගම,යක්කලමුල්ල,තවලම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස එසේ නම්කර ඇති ප්‍රදේශ බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරණු පැහැදිලි කල ඊ.ආර්.බන්දුල මහතා පැවසුවේ පස් කණ්ඩි ආසන්නයේ නිවාස ඉදිරිමේදි එම පස් කණ්ඩි ස්ථාවර කිරිමට ඉංජිනේරු ක්‍රමවේදයන් අනුගමනය කර නොමැතිවිමත් පස් කණ්ඩියේ උස අනුව කණ්ඩියේ සිට නිවසට ඇතිදුර ප්‍රමාණවත් නොවිමත් නිසා කණ්ඩි කඩා වැටිමේ අවදානම මතුව ඇති බවය.

මෙසේ අවදානම් පවතින සියලුම නිවාස හිමියන්ට මෙයට පෙර අවස්ථා කිහිපයකදිම එම ස්ථානවලින් ඉවත් විමට දැනුම්දි ඇති බවද ඒ අනුව සමහරු එම ස්ථානවලින් ගොස් යලිත් එම නිවසටම පැමිණ සිටින බවත් පසුගිය වසරවල පස් කඳු කඩා වැටිමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ කිහිපයක් සිදුවු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම ප්‍රදේශවල සිදු කරන කවර ඉදිකිරිමක් හෝ ව්‍යාපෘතියක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භුමි යෝග්‍යතා සහතික හා නිර්දේශ ලබා ගත යුතු බවට ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්,දිස්ත්‍රික් ලේකම් වරුන් ප්‍රාදේශිය ලේකම් වරුන්,පළාත් පාලන ආයතන ප්‍රධානින් වෙත චක්‍ර ලේඛයක් ද නිකුත් කර ඇත.

ඒ අනුව නාය යෑමේ අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල මහා මාර්ග,දුම්රිය මාර්ග ඉදිකිරිම අලුත්වැඩියා කිරිම හෝ පුළුල් කිරිම,ජල සම්පාදන හා ජලාප වහන,වාරි කර්මාන්ත,විදුලිබිල,දුරකතන ආදි යටිතල පහසුකම් සංවර්ධනය කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර ඉදිකිරිම,ගල් කැඩිම,පස් කැපිම,වැලි ගොඩ දැමිම,මැණික් ගැරිම ,මිණිරන් කැණිම ආදිය ඇතුළු සියලුම ඉදි කිරිම් වලදි ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ යෝග්‍යතා සහතික හා නිර්දේශ ලබා ගත යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් නිලධාරි ඊ.ආර්.බන්දුල මහතා පැවසිය.


 



අදහස් (0)

නායයාමේ අවදානම සහිත ප්‍රදේශ 10 ක් දකුණෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 20 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site