(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය දළුව නිර්මලපුර ප්‍රදේශයේ පිහිටි සුළං විදුලි බලාගාරයේ කුලුනක අද (28) දින හදිසි ගිනි ගැනීමක් සිදුව ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි.
පෞද්ගලික සමාගමකට අයත් මෙම සුළං විදුලි බලාගාරයේ පිහිටි කුලුනුවලින් එක් කුලුන හදිසියේ මෙම ගිනි ගැනීම සිදුව තිබේ.
අඩි 200 කට ආසන්න උසකින් යුත් මෙම සුළං කුලුන මුදුනේ පිහිටි විදුලිය නිපදවන පද්ධතියේ මෙම ගිනිගැනීම සිදුව ඇති අතර ගිනි ගැනීමෙන් අදාළ කොටස පැයකට ආසන්න කාලයක් ගිනි ගනිමින් විනාශ වී ඇති බව පොලිසිය කීය.
කුලුනේ සිදු වු හදිසි ගිනි ගැනීමත් සමඟ අවට පදිංචිකරුවන් දැඩි බියකට පත්වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැකිතාක් ඉක්මනින් ගින්නට හේතුව සොයා බලා ඉතිරි කුළුණුවල එවැනි ගින්නක් ඇති විය හැකිද බැලුවොත් තමා හොඳ. මෙවැනි විදුලි බලාගාරවල ස්වයංක්‍රිය ගිනි නිවන උපකරණ තිබෙනවා කියලා මම සිතුවේ. කැලිෆෝනියාවේ මෙවැනි කුළුණු සිය ගණනක් තිබෙනවා. මෙවැනි කුළුනක ගින්නක් ඇතිවු බව අහන්න ලැබිලා නැහැ.