(උපුල් හේරත්)
දුම්රියෙ කැකිරාව ඇඹුල්ගස් වැව දී තරුණයකු දුම්රියක ගැටී සිරුරෙන් හිස වෙන් වී ගොස් ඇතැයි කැකිරාව පොලීසිය කියයි .
මෙම අනතුරින් මරණයට පත් වූයේ මුරියාකඩවල, ගලෙන්බිදුනුවැව ලිපිනයේ පදිංචි කරුණාරත්නගේ ජීවන් රජිත කරුණාරත්න (29) යන අයයි.
මඩකලපුව සිට මහව දක්වා ගමන් ගත් දුම්රියේ මෙම තරුණයා ගැටී ඇත.
සිද්ධිය පිළිබඳව කැකිරාව පොලීසියේ නිලධාරීන් කියා සිටිනුයේ මිය ගිය තරුණයා සිය දිවි හානිකර ගැනීමක් ද එසේත් නැත හොත් මනුෂ්‍ය ඝාතනයක් ද යන්න පිළිබඳ මූලික පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd