
(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
අධ්‍යාපන සමුපකාර වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී අද (24) පැවැත්විණ.
රුපියල් 10,000 දීමනාව ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාව පැවති අතර මේ සඳහා අධ්‍යාපන සමුපකාර වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරමින් වෘත්තීය සමිති කිහිපයක සමාජික සාමාජිකාවන් රැසක් එක්ව සිටියහ.
විරෝධතාව අවසානයේ ඔවුන් සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් කොළඹ 02 චිත්තම්පලම් ගාඩිනර් මාවතේ පිහිටි සමුපකාර කොමිෂන් සභාව වෙත විරෝධතා පාගමනක යෙදුණු අතර එහිදී ද උද්ඝෝෂණයේ යෙදුණේය.
(ඡායාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd