(උපුල් හේරත්)
අනුරාධපුර ගුවන්තොටුපල පාරේ, කිරික්කුලම හන්දියේ පිහිටි බුදු මැදුරුක තිබූ බුදු පිළිම පහක්,හා පූජා භාණ්ඩ රැසක් නාඳුනන අයකු ඒ අසල ඇති ගොවිපලකට වීසි කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
අනුරාධපුර සිට ගුවන් තොටුපළ මාර්ගයේ ඥානික්කුලම දෙසට නාඳුනනා අයකු ගමන් කර ඇති බවත්,ඒ අසල සිටි නිවෙස්හිමියකු එය දැක ඇති බවත් පොලිසිය විසින් තොරතුරු හොයා ගෙන ඇත .
මෙම සිද්ධිය සැල වූ වහාම අසල්වාසීන් පැමිණ පේරවගා කර තිබූ ගොවිපළේ විසිරී තිබුණු බුදු පිළිම පහක් ,වටා පතක් ,ඇතුළු පූජා භාණ්ඩ වතුරමත පාවෙමින් තිබියදී සොයා ගන්නා ලදී.
ඉන් පසු ගම්වාසීන් විසින් එය පිළිසකර කර නැවතත් පූජාසනය මත තැන්පත් කිරීමට කටයුතු කළේ ය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"රාජපක්ෂවරු බලයේ නැති වුනාම බුද්ධාගමට මෙහෙම වෙනවා" හේතුව: රාජපක්ෂ කඳවුරෙන්ම බුද්ධාගමට පහර දෙනවා අනාරක්ෂිතයි කියලා මිනිස්සු අන්දන්න
අයියෝ හැමදාටම ඡන්දයක් කිට්ටුව බුදුපිළිම වලට /ආගම් වලට ඔහොම දේවල් සිද්ධ වෙනවා. ගනන් ගන්න එපා. ටික කලකට පස්සේ ඔතන තිබුණාට වැඩිය හොඳට හැදෙනව