(ඉන්දික අරුණ කුමාර)
සිය මාස දෙකක කුඩා දරුවා හුස්ම හිරකර ඝාතනය කළැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රැගෙන එද්දී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළා ගිය සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඔහු පැන යද්දී නාඋල - තුනේකණුව බණ්ඩාරයාය ප‍්‍රදේශයේ නිවසකට පැමිණ ඇදුම් ඉල්ලා ඇති අතර පසුව නිවැසියන් ඇඳුමක් දී කරුණු විමසීමේ දී තමා අධිකරණයෙන් පලා ආ පුද්ගලයා පැවසීමෙන් පසු නිවැසියන් ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී ඇත.
ලග්ගල - මාඔය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක් වන මෙම සැකකරු ඉකුත් ජනවාරි මස 16 වැනිදා සිය මාස දෙදක දරුවා හුස්ම හිරකර ඝාතනය කළ බවට ලග්ගල පොලිසිය අත්අඩංගුවට ගෙන නාවුල අධිකරණයට ඉදිරිපත් කර තිබිණි

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.