IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගින්නකින් නිල්ගල රක්ෂිතයේ අක්කර 100 ක් විනාශයි

( ප්‍රසන්න පත්මසිරි)

බිබිල නිල්ගල වන රක්ෂිතයේ බුළුපිටිය වන ප්‍රදේශය අද (13) උදේ සුළග සමග ඇති ගින්නක් පැය තුනකට පසු නිවී යද්දී අක්කර සිය ගණනක වනයේ යටි රෝපණය දැවී ගොස් තිබු වන නිලධාරීහු පවසති.

බුද්ධදාස රජුගේ ඔසු උයන නමින් හදුන්වන නිල්ගල ඖෂධීය වනයේ අරළු,බුළු,නෙල්ලි කුඩුම්බේරිය කොළ,බිම් කොහොඹ ඇතුලු ඖෂධ ශාක හා කළුවර,බුරුත,ගම්මාලු,ඇතුලු වටිනා දැව ගස් හා අලි,කොටි.වළසුන්,වල් ඌරන්,මීමින්නන්,හාවුන්,මුවන්,ගෝනුන්,පක්ෂීන් හා උරගයින් ඇතුලු දුරුලභ වර්ගයේ වන සතුන් විශාල වශයෙන් වෙසෙන අක්කර හැටපන්දහසක වනයකි.

සෑම වසරකම නියං කාලය වන ජුලි සිට ඔත්තෝබර් මාසවලදී වනය විටින් විට මාස දෙක තුනක් තිස්සේ ගිනි ගැනීමෙන් අක්කර දහස් ගණනක් ගින්නට හසුවී වනයේ යටි රෝපනය වන මානම් ඉලුක් ඇතුලු ශාක විනාශ වී යන බව ගම්වාසීන් කියයි.

වනයේ නිතරම ගින්න තිබෙන බවත් සුළං හමන අවස්ථාවලදී ගින්න සීඝ්‍රයෙන් පැතිරී යන බවත් සුළං නැවතුන පසු ගින්න නිවී ගොස්  නැවත සුළග සමග ගින්න හට ගන්නා බව අවට ගම්වාසීන් කියයි.

 



අදහස් (1)

ගින්නකින් නිල්ගල රක්ෂිතයේ අක්කර 100 ක් විනාශයි

sampath Monday, 13 September 2021 11:17 PM

ගමේ මිනිස්සු බීඩි කොළ වවන්න ගිනි තියනවා ඒක පාලනය කරගන්න බැරි උනාම මේ වගේ වෙනවා .ඒ මිනිස්සුන්ට මේ වන පියසේ වටිනාකම තේරෙන්නේ නෑ .නිල්ගල කියන්නේ ඉතාම දුෂ්කර ගම්මානයක් .කොයි තරම් දුෂ්කරද කියනවනම් ලියුමක් එන්න මාසයක් යනවා .එක අවස්ථාවක ගුරු පත්වීමකට ලිපිය ලැබිලා තිබුනේ මාසෙකටත් පස්සේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1043 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site