(ඉන්දිකා රාමනායක)
විදේශ රටක නිශ්පාදිත අංක අපහැදිලි සැකසහිත ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඇහැලියගොඩ දී විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක (2) භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසය.
මෙම ගිනි අවියට බෝර 12 උණ්ඩ යෙදිය හැකි බවද පොලිසිය පවසයි.
මෙම සැකක සහිත ගිනි අවිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ඇහැලියගොඩ පදිංචි (36) හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd