
(සනත් ගමගේ)
මාස තුනක් පමණ වන පැල ගොයමට යූරියා පොහොර ඉල්ලා අම්බලන්තොට කොග්ගල්ල මහානාම ගොවි සංවිධානයේ ගොවීහු කුඹුරට බැස අද (11) සිය විරෝධය පළකලහ.
රජයේ පොහොර සහනාධාරය යටතේ මෙවර යල්කන්නය සඳහා අවශ්‍ය තරම් පොහොර තිබෙන බවට කෘෂිකර්ම ඇමැතිවරයා සඳහන් කලද බිම් මට්ටමේ ගොවියාට පොහොර ලබා ගැනීමට ගබඩාවලට පොහොර ලබා නොදෙන බව ගොවීහු පවසති.
වියදම් කර කුඹුරු වපුරා ඇතැත් මාස තුනේ ගොයමට නියමිත කාලයට පොහොර යෙදීමට නොහැකි වුවවොත් වී වගාවේ අපේක්ෂිත අස්වනු නොව කුඹුරු මෙවර යල් කන්නයේ පාළුවන බවද ගොවීහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd