
(යොහාන් භාසුර)
භාවිතයට ගත නොහැකි ලෙස අබලන්ව තිබූ ගිලන් රථයක් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ රථවාහන අලුත්වැඩියා සහ නඩත්තු කිරීමේ අංශය අලුත්වැඩියා කර කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ප්‍රදානය කළේය.
කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය අනුෂා සදමාලි මහත්මියගේ ඉල්ලීමකට අනුව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්‍ෂ මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතාගේ අධීක්‍ෂණයෙන් මෙම සමාජ සත්කාර සිදුවිය.
‘කොවිඩ් 19’ වයිරසය පැතීර යෑමේ තත්වය යටතේ කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අඩුපාඩුවක්ව පැවැති මෙම ගිලන් රථය අලුත්වැඩියා කිරීමට රථවාහන අලුත්වැඩියා සහ නඩත්තු කිරීමේ අංශයේ නිලධාරීහූ සහ කාර්මික ශිල්පීහූ දැඩි කැපවීමකින් කටයුතු කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ආදර්ශයක්... ලංකාවේ මේ වගේ වාහන ගොඩක් රජයේ ආයතනවල ගොඩගැහිලා තියෙනවා. ඒවා මේ විදිහට හදලා ප්‍රයෝජනයට ගන්න පුළුවන්. වැඩිපුර ඒවා බස්එකේ එන මන්ත්‍රීවරුන්ටත් දෙමු...