නිශාන්ත කුමාර
රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දික්යාය ගම්මානයට ඉහළින් පිහිටි කඳු වැටියට කිසියම් පිරිසක් ඊයේ (1) සවස ගිනි තබා ඇති අතර රාත්‍රී 9.30 පමණ වන විටත් ගින්න පැතිර යමින් පැවැතිණ.
එම ස්ථානයට ළඟාවීමේ අපහසුතාව නිසා ගින්න නිවා දැමීමට අපහසු බව අවට ගම්වාසීහු පවසති.
දඩයක්කරුවන් විසින් ගින්නට කොටුවන වනසතුන් පහසුවෙන් දඩයම් කිරීම් සඳහා මෙම ගින්න තබන්නට ඇතැයිද ප්‍රදේශවාසීහු පවසති.
දික්යාය කඳුවැටිය තුළ ඖෂධීය වශයෙන් වටිනා ශාක මෙන්ම බුරුත සූරියමාර කැටකෑල දමුණු ආදී ස්වභාවික ගහකොළ රැසක් ඇති අතර ජල උල්පත් රැසක් ද ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd