IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ළිඳට වැටුණු අලියා පැය 6 ක මෙහෙයුමකින් ගොඩට ගනී

(නිමල් ජයරත්න)

දිඹුලාගල ගල්තලාව ගම්මානයේ ගෙවත්තක වගා ළිදකට අද( 30) වැටි සිටි වනඅලියෙකු වෙහෙරගල වනජිවි නිලධරින් විසින් පැය 6 ක මෙහෙයුමකින් පසු ගොඩට ගෙන දේවගල රක්ෂිතයට මුදා හැරිමට කටයුතු කලහ.

ළිදට වැටි සිටි වන අලියා ගොඩට ගැනිම සදහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ජේ.සී.බී. යන්ත්‍රයක් ගෙනවිත් ළිදෙහි කට කැපිමෙන් අනතුරුව එම අලියා ගොඩ ගැනිමට හැකි  වු බව වෙහෙරගල අඩවි ආරක්ෂක ජේ.එම්.යු.ආර්.බී. ආරියසේන මහතා සදහන් කලේය.

ගොඩට ගත් වනඅලියාට ළිදෙහි ගල්වැටි සුලුතුවාල සිදු වි ඇති අතර ඊට ප්‍රතිකාර කළ බවත් අලියාගේ වයස අවුරුදු 25 ක් පමණ බවත් ආරියසේන මහතා වැඩි දුරටත් පැවසිය.

අලියා ගොඩට ගැනිමට පෙර ශබ්දවිකාශන යන්ත්‍ර භාවිතා කරමින් ගම්මුන් දැනුවත් කළද ගොඩට ගත් අලියා කලබලයට පත්ව දිව යාම සමඟ ගැමියෝද නොසන්සුන් වූහ.

පසුව පැමිණ සිටි වනජිවි නිලධාරින් අහසට වෙඩිතබා අලි වෙඩිද පත්තුකර පාලනය කරගත් අලියා දේවගල රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළේය.

 



අදහස් (1)

ළිඳට වැටුණු අලියා පැය 6 ක මෙහෙයුමකින් ගොඩට ගනී

ramesh Monday, 30 November 2020 10:07 AM

අලියට කතාකරන්න බැහැනේ ඒ නිසා මමවත් ඔයාලට ස්තුතියි කියන්නම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31470 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13768 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site