(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිවස පිටුපස ළිඳකට වැටී වයස අවුරුදු දෙකහමාරක දරුවෙක් අද (21) මිය ගිය බව පිළියන්දල පොලීසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ පිලියන්දල මාම්පේ උතුර විජය මාවතේ පදිංචිව සිටි කේ.ඒ.දහම් සංහිද යන දරුවාය.
අනතුර වන අවස්ථාවේ මව පමණක් සිට ඇති අතර ඇය එම අවස්ථාවේ නිවසෙහි මුළුතැන්ගෙයි සිට එම දරුවාට බත් කවමින් සිට ඇති අතර දරුවා වැසිකිළි යාමට අවශ්‍ය බව පැවසූ හෙයින් දරුවාගේ කලිසම ගලවා තිබූ බව ඇතැයි විමර්ශන වල දී හෙළි වූ බව පොලීසිය කියයි .
මද වේලාවක් ගත වෙද්දි ශබ්දයක් ඇසීමත් සමගම දරුවාගේ මව මුළුතැන්ගෙයින් පිටතට පැමිණ දරුවා සොයා බැලීමේදී ඔහු පෙනෙන්නට නොසිටි බැවින් ලිද උඩට දමා තිබෙන කොල පාට දැල් ආවරණය කොටසක් කැඩී තිබෙන අයුරු දැක එය ඉවතට විසි කර ලිද තුළ බලා ඇති අතර අධික ගැඹුරකින් යුත් එම ලිදේ පතුල කලුවර වීම හේතුවෙන් දරුවා පෙනෙන්නට නොසිටි හේතුවෙන් ඇයගේ කෑ ගැසීමත් සමගම අසල්වාසීන්ද පැමිණ ඇති අතර එයින් කිසිවෙකුත් ලිද ජඹුර හෙයින් ලිදට බැස නොමැති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි .
ලිං ඉසීම කටයුතු වල යෙදෙන පුද්ගලයෙක්ට ඒ බව සැලවීමත් සමගම වසා එම ස්ථානයට පැමිණ අවස්ථා දෙකකදී ලිදට බැසීමට උත්සහ කිරීමේදී විෂ වායුව ආඝ්‍රහණය වීම හේතුවෙන් ඔහු නැවත ගොඩට පැමිණ මද වේලාවකදී නැවත ලිදට බැස දැඩි ආයාසයක් දරා දරුවා ගොඩට ගැනීමත් සමගම 1990 සුවසැරිය ගිලන් රථයෙන් පිළියන්දල රෝහලට රැගෙන යන විටත් මියගොස්ව සිට ඇතැයි පොලිස් නිලධාරීයා කීය.
මියගිය දරුවා අඩි හතරක් පමණ උස බැම්ම බැඳ තිබෙන ළිඳ අසල තිබෙන සිමෙන්තියෙන් තනන ලද අඩි 3 ක් පමණ උස කුඩා ටැංකියේ බැම්ම මතට නැග අනතුරුව ලිද ආවරණය වන පරිදි උඩින් යොදා තිබෙන දැල මතට පය තැබීමේ දී එක වරම දැල කඩාගෙන ඒ තුලින් ලිදට වැටී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
දරුවා ලිදෙන් ගොඩ ගන්නා විට විනාඩි 40 කට ආසන්න කාලයක් දරුවා ළිඳට තුලට වැටී ගත වී තිබූ බව පොලීස් නිලධාරීයෙකු වැඩිදුරටත් පැවසීය .
මියගිය දරුවා එම මව්පිය යුවළට වසර 6කට පමණ පසු ලද එකම දරුවා බව ඔවුන්ගේ ප්‍රකාශ වලින් අනාවරණය වූ බව පොලිසිය කියයි .සිද්ධිය වූ ස්ථානයට පැමිණි පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා මළසිරුර මෙන්ම එම ස්ථාන පරීක්ෂාවක් සිදු කිරීමෙන් අනතුරුව මළසිරුර කලුබෝවිල මෘත ශරීරාගාරයේ තැන්පත් කර හෙට දින 22
පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස පොලිසිය නියෝග කලේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ළිඳකට වැටී දරුවෙක් මිය යයි