(ඉන්දික අරුණ කුමාර)
මාතලේ දිස්ත්‍රික්කයට අයත් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා ගලා බසින හීං ගඟේ සංවර්ධන කටයුතු අතරමග නැවතීම හේතුවෙන් පවුල් 30,000කට පමණ පානීය ජල ගැටලු පවතින බව විල්ගමුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඊ.එම්. ජයන්ත බණ්ඩාර ඒකනායක මහතා පවසයි.
හෙතෙම මෙම අදහස් පළ කළේ හීං ගඟ ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අද(06) කළ විමසීමක දීය.
වකුගඩු රෝගීන් වැඩි වශයෙන් ජීවත්වන විල්ගමුව කොට්ඨාසයට පානීය ජලය ලබාදීම සදහා හීං ගඟ ව්‍යාපෘතිය පසුගිය රජය සමයේ දී ආරම්භ කළ බව ඒ මහතා කියා සිටියේය.
වසර ගණනාවක් තිස්සේ පොරොන්දුවලට පමණක් සීමා වී ඇති හීං ගඟ ව්‍යාපෘතිය මේ වන විට සුදු අලියෙකු බවට පත්වී ඇති බවත් ජනතාවගේ ඡන්දය ලබාගැනීම සඳහා පමණක් හීං ගඟ කරළියට එන බව ද හෙතෙම කියා සිටියේය.
ලග්ගල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කුමාරි විජේරත්ත මහත්මිය අවස්ථා ගණනාවක දී හීං ගඟ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද හඬ නගා ඇති බව කියා සිටි ජයන්ත බණ්ඩාර මහතා අවධාරණය කර සිටියේ වත්මන් ආණ්ඩුව බලයට පත්වී තිබියදීද මේ සම්බන්ධයෙන් අවධාරණය යොමු කර නොමැති බවය.
හීං ගඟ ජලාශය පුළුල් කර එහි ජලය වස්ගමුව තෙක් රැගෙන යමින් ගොවීන්ට හා පානීය ජලය ලබාගන්නා පුද්ගලයින්ට ජලය ලබාදීම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.
ඒ සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයන ද අවසන්කර ඇළ සංවර්ධනය ද ආරම්භ කර ඇති බව කියා සිටි ජයන්ත අවධාරණය කර සිටියේ වත්මන් රජයේ අවධානය මේ සම්බන්ධයෙන් කඩිනමින් යොමු විය යුතු බවය. දැනමත් පිරිසිදු පානීය ජල අවශ්‍යතාවන් සදහා විල්ගමුවේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී ඇති බවද හෙතෙම කියා සිටියේය.
හීං ගඝ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විල්ගමුව ප්‍රාදේශීය සභාවේ දී මෙන්ම එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ද සාකච්ඡා පැවැත්වූ බව කියා සිටි ජයන්න මහතා අවධාරණය කර සිටියේ මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේද අවධානය යොමු නොවු බවය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
හීං ගඟ ජල ව්‍යාපෘතිය ඇනහිටීමෙන් පවුල් 30,000කට පානීය ජල ගැටලු