IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හිටපු ජනපති සහ ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයට විරෝධය පා කිරමදී විරෝධතාවයක්

(අනීෂා මානගේ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ ක්‍රමන්ත්‍රණයට විරෝධය දක්වමින් අද (14) කටුවන කිරම ප්‍රදේශයේදී විරෝධතා පාගමනක් පැවැත්විණි.

මෙම විරෝධතාවය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මුල්කිරිගල ආසනයේ මන්ත්‍රීවරුන් හා සාමාජිකයින් පිරිසක් විසින් සංවිධානය කර තිබූ අතර මේ සඳහා විරෝධතාකරුවෝ විශාල පිරිසක් සහභාගී වූහ.

විරෝධතා පුවරු අතැතිව සටන් පාඨ කියමින් විරෝධතාකරුවෝ කටුවන කිරම හන්දියේ සිට කිරම ධම්මානන්ද විද්‍යාලය අසලට පැමිණ විරෝධතාවය අවසන් කළහ.

මෙම විරෝධතාවය සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන කපිල දිසානායක, ඩී.වී.උපුල්, සිංහ සමන්කුමාර, වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනාරච්චි, කටුවන ප්‍රාදේශීය සභාවේ සභාපති මහින්ද ගමාච්චි, කටුවන හා වීරකැටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා පාක්ෂිකයින් පිරිසක් මෙම විරෝධතාවය සඳහා සහභාගී වූහ.



අදහස් (0)

හිටපු ජනපති සහ ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයට විරෝධය පා කිරමදී විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site