
(එම්.සුසිල් ප්‍රියන්ත සහ රවී ලියනගේ)
කොරෝනා මර්දන එන්නත්කරණයේ ප්‍රමුඛත්වය තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා අද (18) උදේ හික්කඩුව සතිපොළ වෙලෙන්දෝ සති පොළේදීම උද්ඝෝෂණයක නිරතවූහ.
කොරෝනා පොකුරු මතුවීමේ තෝතැන්නක්වී ඇති සති පොලෙන් කොරෝනා ව්‍යසනය තුරන් කිරීමට නම් සති පොළ වෙලෙන්දන්ටද ප්‍රමුඛත්වය ලබාදී කොරෝනා මර්දන එන්නත ලබාදෙන ලෙස උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.
ඔවුහු සිය වෙළදාමෙන් මොහොතකට මිදී තමන්ට එන්නත් ලබාදෙන ලෙස දැක්වෙන දැන්වීම් පුවරු ඔසවාගෙන උද්ඝෝෂණයේ යෙදී සිටි අතර ඉන් අනතුරුව තමන් වෙළදාමේ යෙදෙන පොළ කුටියේ එම දැන්වීම් පුවරු සවිකර වෙළදාමේ නිරත වූහ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.