(ඩබ්ලිව්.ඒ. අසේල)
හේවාහැට ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුමේ සිකුරාදා (09) රාත්‍රියේ දී ඇතිවූ දෝෂයක් නිසා නිවාසවල විදුලි බුබුළු හා විදුලි උපකරණවලට දැඩි ලෙස හානි සිදුව ඇතැයි ප්‍රදේවාසීහු පවසති.
නවනැලිය කොටගේපිටිය කිරිවානාකැටිය ගම්වල මෙලෙස උපකරණවලට හානි සිදුව ඇත.
සිකුරාදා දහවල් නඩත්තුවක් සඳහා සැපයුම විසන්ධි කර ඇති අතර නැවත රාත්‍රියේ විදුලි සැපයුම ලබා දි ඇත.ඊයේ රාත්‍රියේ ඇතිවූ මෙම තත්ත්වයෙන් පසු මේ වන තෙක් විදුලිය ලබා දී නැති බවත් මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් ප්‍රදේශවාසිහු චෝදනා කරති.
මේ ගැන විදුලි බල මණ්ඩලයේ ගලහ සේවා ස්ථානයෙන් කළ විමසීමකදී පැවසුවේ එවැනි සිද්ධියක් ගැන තොරතුරු ලැබී ඇති බවත් දැනට නිවාස වල ප්‍රධාන ස්විචය ක්‍රියාවිරහිත කිරීමට උපදෙස් ලබා දි ඇති බවත්ය.
මේ සම්බන්ධයෙන් ඉක්මනින් සොයා බැලීමට කටයුතු යොදා ඇති බවද එම කාර්යාලය පැවසීය
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හේවාහැට විදුලි සැපයුමේ දෝෂයක්