IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


හලාවත නගර සභා පුටුව එජාපයට

 (ජූඩ් සමන්ත සහ ඔගස්ටින් ප්‍රනාන්දු)

හලාවත නගර සභාවෙි සභාපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ කුෂාන් අබේසේකර මහතාද, උප සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාදුල්කීන් වහාබ් අමීන් මහතාද තේරී පත් විය.

වයඹ පළාත් පාලන කොමසාරිස් ජේ.එම්.ආර්.පී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) හලාවත නගර සභාවේ පිහිටි සභා ශාලාවේදී රැස්වීම පැවැත්විණි.

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී හලාවත නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 7 ක්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සභිකයින් 6 ක්,පොදුජන පෙරමුණ පක්ෂයෙන් සභිකයින් 6 ක් සහ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයෙන් 1 සභිකයෙක් තේරී පත්වී ඇත.

සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා ගැනීම සඳහා විවෘත ඡන්ද විමසීමක් පැවැත්විණි.

සභාපති ධූරයට තරග වැදණු එක්සත් ජාතික පක්සයේ කුෂාන් අබේසේකර මහතාට ඡන්ද 12 ක්ද,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැදුණු හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතාට ඡන්ද 07 ක්ද ලැබිණි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ කුෂාන් අබේසේකර මහතා හලාවත නගර සභාවේ සභිපතිවරයා ලෙස තේරී පත් විය.

උප සභාපති ධූරය සඳහා තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාදුල්කීන් වහාබ් අමීන් මහතාට ඡන්ද 12 ක්ද,පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරග වැදුණූ චින්තක ජයසේකර මහතාට ඡන්ද 5 ක් ද ලැබිණි.ඒ අනුව සාදුල්කීන් වහාබ් අමීන් මහතා උප සභාපතිවරයා ලෙස තේරී පත් විය.

ජනතාවිමුක්ති පෙරමුණ පක්ෂය නියෝජනය කළ සභිකයා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
 
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි,අශෝක ප්‍රියන්ත, ශාන්ත සිසිර අබේසේකර,අරුන්දක ප්‍රනාන්දු, වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් වන පාලිත රෝහණ,සන්නද සන්ධ්‍යා කුමාර රාජපක්ෂ,ට්‍රෙවින් ප්‍රනාන්දු යන මහත්වරු සහභාගි වුහ.
 



අදහස් (0)

හලාවත නගර සභා පුටුව එජාපයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31626 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14039 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site