( ජුඩ් සමන්ත )
හලාවත නගරයෙන් පමණක් දිනකට කසල ටොන් 18 ක් බැහැර කරන බවත් ඒවා ප්‍රතිචක්‍රීයකරණය කිරීමට ස්ථානයක් නොමැති කම නිසා කසල ගොඩ ගැසීම පමණක් සිදු කරන බවත් හලාවත නගර සභාවේ පරිපාලන නිලධාරීනී (තොරතුරු නිලධාරී) එන්.ඒ.කාන්තිලතා මහත්මිය පැවසුවාය.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ හලාවත නගරයේ කසල බැහැර කිරීමේ තත්ත්වය සම්බන්ධයෙන් යොමු කරන ලද අයැදුම්පතකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව කීවාය.
එකතු වන කසල බැහැර කිරීම සිදු කරනු ලබන්නේ මුන්නේෂ්වරම සහ වැල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩම් දෙකකට බවත් එම ස්ථාන වල කරන්නේ කසල ගොඩ ගැසීම මිස ප්‍රතිචක්‍රීයකරණ කිරීමක් නොවන බවත් ඒ මහත්මිය සදහන් කරයි.
ආරච්චිකට්ටුව - රාජකදළුව ප්‍රදේශයේ රජයට අයත් අක්කර 05 ක ඉඩමක් මේ වන විට ඉල්ලුම් කර ඇති නමුත් එය මෙතෙක් ලැබී නොමැති බවත් එහි සඳහන් වෙයි.
එම ඉඩමේ කසල ප්‍රතිචක්තීකරණ ව්‍යාපෘතියක් පවත්වා ගෙන යාම සදහා රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කර ඇති නමුත් ඉඩම මෙතෙක් නොලැබීම නිසා කසල ගැටළුවට විසදුමක් ලබා දීමට නොහැකි බවද ඇය සපයා ඇති පිළිතුරු පතේ සදහන් කර ඇත.
2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2371
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හලාවතින් දිනකට කුණු ටොන් 18ක්