(පුත්තලම - ජුඩ් සමන්ත.)
හලාවත මෝය කටේදී මුහුදට ගසා ගෙන ගොස් අතුරුදහන්වූ බව කියන පුද්ගලයා හමුවීමෙන් පසුව ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි.
පසුගිය 20 වැනිදා අළුයම 3.10 ට පමණ මෙම පුද්ගලයා අතුරුදහන් වූ බව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
අතුරුදහන්වී සිටියදී හමුවී ඇත්තේ හලාවත - අඹකදවිල පදිංචිකරුවෙකු වන මුතුපෝරුතොටගේ ඇන්ටනි ලක්ෂමන් (අවු:45) නම් අයෙකි.
තවත් ධීවරයෙකු සමග මසුන් මැරීම සදහා බෝට්ටුවකින් මුහුදට යමින් සිටින අතරතුර කිසියම් අවශ්‍යතාවයක් සඳහා හලාවත මෝය කට ප්‍රදේශයට ගොස් ඇති අතර එතැන් සිට ඔහු අතුරුදහන් වී සිටියේය. ඔහු අත තිබූ විදුලි පන්දමද එම ස්ථානයේ තිබී හමුවී ඇත.
මුහුදු වෙරළේ සිටියදී මොහු රළපහරකට හසුවී ගසා ගෙන යන්නට ඇති බවට විශ්වාස කර ඔහු සොයා මෙහෙයුමක්ද සිදු කරන ලදී. ප්‍රදේශයේ ධීවරයින් මෙන්ම නාවුක හමුදාවද ඒ සඳහා එක්ව සිටියේය.
ඊයේ (22) දහවල් අතුරුදහන්වී සිටි ඔහු ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. රෝහල් ගත කර ඇති අයගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වී ඇති බව පොලීසිය කියයි.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හලාවතදී අතුරුදන් වූ ධීවරයා සොයාගනියි