IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


හල්දුම්මුල්ල ප්‍රා. සබේ පොහොට්ටුවේ සභාපතිට විරුද්ධව ගෙන ආ යෝජනාව වැඩි ඡන්දෙන් සම්මතයි

සමන් පාලිත නානායක්කාර 

හල්දුම්මුල්ල ප්‍රාදේශීය  සභාවේ සභාපති උපුල්  ප්‍රියන්ත හෙට්ටිගේ මහතා (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ)  අකාර්යක්ෂම දූෂිත පාලනයක් ගෙන යන බව පවසමින් අද (14) හල්දුම්මුල්ල ප්‍රාදේශීය  සභාවට ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 7කින් ජයග්‍රහණය කළේය.

 සභාපතිවරයාට එරෙහි වූ  මන්ත්‍රී වරු දසදෙනෙකු ඒ යෝජනාවට  පක්ෂව ඡන්දය ලබා දුන්හ.

පස් දෙනෙකු   ඡන්දය දීමෙන් වැළකී සිටියහ.   තිදෙනෙකු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

 හල්දුම්මුල්ල  ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ දී   මෙම රැස්වීම පැවැත්විණි .

කොරෝනා  වසංගතය හේතුවෙන් අපහසුතාවයට පත් ජනතාව වෙනුවෙන් බෙදා දීමට ගෙනා වියලි  ආහාර අඩංගු සහන මලු බෙදීමේදී ඒවායින් ගසා කෑ බවට සභාවේ දී සභාපතිවරයාට  චෝදනා එල්ල කළ බැවින් සභාව  එකම ගාලගෝට්ටියක් බවට පත්විය.  

මන්ත්‍රීවරු පස් දෙනකු කළු පටි බැඳගෙන සභාවේ අසුන් ගෙන සිටියහ.විරෝධතා  වැකි සටහන් කළ පෝස්ටර් සභාව තුළ ද ප්‍රදර්ශනය කළේ ය .

හල්දුම්මුල්ල නගරයේ සිට  විරෝධතා පුවරු රැගෙන මන්ත්‍රීවරු පිරිසක්  සභාවට පැමිණියහ .

සභාපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා පැවසුවේ කිසිදු  දූෂණ  වංචාවක්  තමා සිදු කර නොමැති බවත් එක රුපියලක් හෝ වංචා කළ  බවට ඔප්පු වුවහොත්  තමා ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.



අදහස් (0)

හල්දුම්මුල්ල ප්‍රා. සබේ පොහොට්ටුවේ සභාපතිට විරුද්ධව ගෙන ආ යෝජනාව වැඩි ඡන්දෙන් සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2439 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site