(ඩී.කේ.රත්න )
හල්දුම්මුල්ල සොරගුණේ වෑඑළිය ප‍්‍රදේශයේ පෞද්ගලික විදුලි බලාගාරයකට ජලය සපයන ඇළක් අසල තිබී මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (28) උදැසන සොයා ගෙන ඇතයි හල්දුම්මුල්ල පොලීසිය පැවසීය.
හල්දුම්මුල්ල සොරගුණේ වෑඑළිය ප‍්‍රදේශයේ පදිංචි යෝගනාදන් විජේකුමාර් නැමති හතලිස් එක් හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මිය ගොස් තිබේ.
ප‍්‍රදේශවාසියෙකු විසින් පොලිස් හදිසි දුරකථන අංක 119 ලබා දුන් තොරතුරකට අනුව හල්දුම්මුල්ල පොලීසිය විසින් මෙම මළ සිරුර සොයා ගෙන ඇත.
ඇදිරි නීතිය පැවති ඊයේ (27) රාත‍්‍රියේ හල්ලදුම්මුල්ල සොරගුණේ වෑඑළිය පදිංචි පිරිසක් මෙම ප‍්‍රදේශයට මත්පැන් පානය කිරීම සදහා ගොස් තිබෙන අතර එහිදී ඇතිවූ ආරවුලකදී මෙම පුද්ගලයා මරා දමන්නට ඇතයි පොලීසිය සැක කරයි.
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි අතුල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි හල්දුම්මුල්ල පොලීසියේ නිළධාරීහු විසින් මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හල්දුම්මුල්ලේ ඇළක් අසළ මළ සිරුරක්