IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හුරුළු වැවට ජලය නොලැබීමෙන් ගොවීහු අසරණ වෙති


( උපුල් තම්මිට )


පවතින වියලි කාලගුණයත් සමඟ ප්‍රමාණවත් ලෙස මහවැලි ජලය හුරුළු වැවට නොලැබුණහොත් කන්න හතරක් අහිමිවීමේ අවදානමක් ඇතැයි හුරුලුවැව ගොවීහු පවසති. 


මහවැලි බලධාරීන් නියමිත පරිදි ජලය මුදා හැර ඒ පිළිබඳව අධීක්ෂණය කළහොත් අනුරාධපුර  දිස්ත්‍රික්කයේ විශාලතම ගොවි ව්‍යාපාරයක  ජන ජීවිතය නගාසිටුවීමට හැකිවනු ඇතැයිද  ඔවුහු විශ්වාසය පළකරති.


සෑම වසරකම යල කන්නයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉහළම අතිරේක භෝග වගා කෙරෙන්නේ හුරුළු වැව ව්‍යාපාරයේ වන අතර මේ වනවිට සම්පූර්ණයෙන්ම කන්න හතරක් අතහැර දැමීමට සිදුවී ඇත්තේ ප්‍රමාණවත් වර්ෂාවක්  නොලැබීම හේතුවෙන් බව  ගොවීහු පෙන්වා දෙති.


අක්කර අඩි පනස් පන්දහසක විශාලත්වයකින් යුත් හුරුළු වැවේ  මේ වනවිට අඩි අට දක්වා ජල මට්ටම පහළබැස ඇති අතර එය වැවේ ජීවත්වන මිරිදිය මත්ස්‍යන්ට හෝ ප්‍රමාණවත් නොවන බව ගොවීහු පවසති.


මෙවර යල කන්නය තුළ අතිරේක භෝග හෝ වගාකිරීම සදහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් මහවැලි ජලය අක්කර අඩි තිස්හයදහසක් වාර කිහිපයක් තුළ ලබාදෙන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා එක්ව ඉල්ලීම් කර ඇතත් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ද ඔවුහු කියති.


මධ්‍යම කදුකරයේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ප්‍රමාණවත් වර්ෂාවක් ලැබීම හේතුවෙන් මෙම ඉල්ලීම කළ බවද ඔවුහු සදහන් කර සිටියේය. 


නමුත් හුරුලුවැවට මහවැලි ජලය ලබා දීමේදී බෝවතැන්න හැරවුමේ සිට සීගිරිමුල්ලෙන් ආරම්භවන යාන්ඔය දක්වා  ජලය ප්‍රවාහනය කෙරෙන මහවැලි ඇල මාර්ග වලින් ඒ අවට ගොවීන් විසින් හිතුමතේ ජලය පොම්ප කිරීම හේතුවෙන් ප්‍රමාණවත් පරිදි යාන් ඔය ඔස්සේ හුරුළු වැවට ජලය නොලැබෙන බව ගොවීහු  චෝදනා කර සිටිති.
 



අදහස් (0)

හුරුළු වැවට ජලය නොලැබීමෙන් ගොවීහු අසරණ වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site