(වසන්ත චන්ද්‍රපාල)
නාවික හමුදා බුද්ධි අංශය ලබාදුන් තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකායේ අම්පාර කඳවුරේ නිලධාරීන් හෙරොයින් ග්‍රෑම් 5 යි මිලි ග්‍රෑම් 750 ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අද (23) අත්අඩංගුවට ගෙන තිබේ.
අක්කරපත්තුව ඔලුවිල් පාලමුනේ ජලාල්පුර ප්‍රදේශයේදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කලන්දර් ලෙබ්බේ සහාජාන් නැමැති 29 හැවිරිදි අයෙකු සහ සයිව් තම්බි මොහමඩි රිස්වි නැමැති 26 හැවිරිදි අයෙකි.
අත්අඩංගුවට ගත් දෙදෙනා පාලමුනේ පදිංචිකරුවන් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
අයිස්ක්‍රීම් විකුණන වෑන් රථයක් තුළ මෙම මත්කුඩු තිබූ අතර පාසල් සිසුන් ඉලක්ක කරගෙන මෙම මත්කුඩු ජාවාරම සිදුවන්නට ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අක්කරපත්තුව පොලිස් ස්ථානයට භාරදී තිබේ.

2025 නොවැම්බර් මස 17
1
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
852
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට