(පාලිත ආරියවංශ)
කුලියට ගත් නිවසක හෙරොයින් බෙදාහැරීම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය සැකකරුවෙක් සහ සැකකාරියක් අද (09) හාලිඇල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
එම ස්ථානය වටලන අවස්ථාවේ එහි තිබී හෙරොයින් ග්‍රෑම් පහක් සොයාගෙන ඇත.
බදුල්ල ,හාලිඇල ,ඇල්ල ,වැලිමඩ, පස්සර සහ මහියංගනය යන ප්‍රදේශවලට මෙම ස්ථානයෙන් හෙරොයින් බෙදාහැර ඇතිබව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් සැකකරු 60 හැවිරිදි අයෙකු බවත් සැකකාරිය 32 හැවිරිදි තැනැත්තියක් බවත් පොලිසිය කීය.
වැලිමඩ ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බව වැලිමඩ පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හෙරොයින් බෙදාහැරීම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට