IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හෙරොයින්-ටැමඩෝල් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)


පුත්තලම රත්මල්ගස් යාය ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ යෙදී සිටි ප්‍රධාන පෙළේ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට පුත්තලම කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය ඒකකය කටයුතු කර තිබුණි.

 
අත් අඩංගුවට ගත් සැකකරු කාලයක් පුරා පුත්තලම සහ පාලවිය යන ප්‍රදේශවල හෙරොයින් සහ ඇපල් පෙති ( ට්‍රැමඩෝල් ) ඇතුළු නීති විරෝධි මත් ද්‍රව්‍ය අලෙවියේ යෙදී සිටි බව වාර්තා වී ඇත.

 
 28 දින සවස අදාළ සැකකරු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම්03 යි මිලි ග්‍රෑම් 30 ක් සමඟ ඇපල් පෙති 08ක් තිබූ බව පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය කියයි. අත් අඩංගුවට ගත් සැකකරු ඉදිරි පරීක්ෂණ හා අධිකරණ කටයුතු සඳහා පුත්තලම මුලස්ථාන පොලිසියට භාර දී තිබුණි. 


 පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත පුත්තලම කොට්ඨාස පොලිස් අධිකාරි ජේ. ඒ. චන්ද්‍රසේන මහතාගේ මෙහෙය වීමෙන් කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ. ඩී. ඒ. අයි. සී. දසනායක මහතා සමග පොලිස් සැරයන් 59874 ක්‍රිස්ටෝපර් පොලිස් කොස්තාපල් 67437 ලක්මාල් , 70044 ප්‍රසන්න, 72557 අජිත් , යන නිලධාරීහු වැටලීමට එක්ව සිටියහ. 



අදහස් (0)

හෙරොයින්-ටැමඩෝල් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site