(ආනන්ද ඉ. ජයකොඩි)
හෙරොයින් බෙදාහැරීමේ ජාවාරමක් කරගෙන ගිය බව කියන යුධ හමුදාවේ විශේෂ බළකායේ හිටපු සෙබලෙකු, කාන්තාවක් හා ඔවුන් දෙදෙනාට ආධාර හා අනුබල දුන් බව කියන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රහස් පොලිස් සැරයන්වරයෙකු පෙබරවාරි 11 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල මහේස්ත‍්‍රාත් තරංගා රාජපක්‍ෂ මහත්මිය අද (28) නියෝග කළාය.
නිට්ටඹුව කලල්පිටිය පදිංචි බෝදාහැන්නැදිගේ යසේන්ද්‍ර මංජුල, ජාඇල තුඩැල්ල පදිංචි සිංගප්පු රාජේශ්වරී හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රහස් පොලිස් සැරයන්වරයෙකු වන වෝල්ටර් ශ‍්‍රී නිශාන්ත කුමාර යන සැකකරුවන් දෙදෙනා හා සැකකාරිය එසේ රිමාන්ඩ් කෙරිණි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් පස්යාල ප‍්‍රදේශයේ කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී රුපියල් ලක්‍ෂ එකහමාරක් පමණ වටිනා හෙරොයින් ග‍්‍රෑම් අසූවයි මිලිග‍්‍රෑම් හාරසිය පනහක් සමඟ සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී තිබිණි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සැකකාර රහස් පොලිස් සැරයන්වරයා අත් අඩංගුවට ගෙන තිබිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හෙරොයින් ජාවාරමේ නිරත පොලිස් සැරයන් ඇතුළු 2 ක් රිමාන්ඩ්