(සනත් ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 22000 කට අධික ප්‍රමාණයකට පිරිසිදු පානීය ජලය නොලැබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ලේකම් කාර්යාලය මගින් සිදුකරනු ලැබූ සමීක්ෂනයකින් හෙලි වී ඇත.
ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ ජාතික වැඩ සටහන යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව වෙත මෙම වාර්තාව ඉදිරිපත් කර තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යථාවය ඉටු කිරිම සඳහා ප්‍රජා ජල ව්‍යාපෘති 171 ක් ක්‍රියාත්මක වන අතර එමගින් ආවරනවන පවුල් සංඛ්‍යාව 45065 කි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.