(ඩයනා උදයංගනී)
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන් හෙට (14) සහ අනිද්දා (15) දිනවල එම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම රළ මීටර් 2.0-2.5 ක් පමණ දක්වා (මෙය ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින බැවින් එම සීමාවේ වෙරළ ආශ්‍රිතව ගැවසීමෙන් හා වෙරළ භාවිතයෙන් වැළකී සුදුසු බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා පැවසීය.
එමෙන්ම වෙරළෙහි ඇති ධීවර යාත්‍රා සහ ධීවර ආම්පන්න පිළිබඳ සැලකිලිමත් වන ලෙස ධීවරයින්ට දැනුම් දෙන බව ද ඔහු සඳහන් කළේය.
එමෙන්ම ඉදිරි දිනවලදී දිවයිනට දකුණු සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශවල ලැයට කිලෝමීටර 70 - 80 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බැවින් එම එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව ද ඔහු කීවේය.
මීට අමතරව ඉදිරි දිනවලදීත් දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥවරයා කියා සිටියේය.
බස්නාහිර සහ දකුණු පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීද වැසි ඇති වන අතර මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහබස්නාහිර පළාත්වලත් පොළොන්නරුව සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100පමණ තද වැසි ඇති විය හැකි විය හැකි බව ද ඔහු කීවේය.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං හා අකුණු අනතුරු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
මේ අතර අද (13) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර 61.2ක වර්ෂාපතනයක් කොත්මලේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙට - අනිද්දා මුහුද රළු වෙන ලකුණු