(රංජිත් රාජපක්ෂ)
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ ගමන් ගත් කුඩා ලොරි රථයක් මතට මාර ගසක අත්තක් කඩා වැටීමෙන් ඇණ හිට තිබු එම මාර්ගයේ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කළ බව නානුඔය පොලිසිය පවසයි.
රදැල්ල කෙටි මාර්ගයේ නානුඔය කාල්බර්ග් වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස පිහිටි මාර ගසේ අත්තක් ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් හැටන් සිට නුවරඑළිය දක්වා ධාවනය වෙමින් තිබු කුඩා ලොරි රථයක් මතට අද (9) පස්වරු 12.30 ට පමණ කඩා වැටී ඇත.
ගසේ අත්ත කඩා වැටිමෙන් ලොරි රථයේ රියදුරා තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් ලොරි රථය මතට ගසේ අත්ත කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු පස්වරු 12.30 සිට පස්වරු 1.30 දක්වා සම්පුර්ණයෙන්ම ඇණහිට තිබිණි.
නානුඔය පොලිසිය, නුවරඑළිය යුද හමුදා කදවුරේ භට පිරිස් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් එක්ව කඩා වැටුණු මාර ගසේ අතු ඉවත් කිරිමෙන් පසු මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් විය.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.