(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කලකට ඉහතදී සංවිධානාත්මක අපරාධ කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයකු ලෙස කටයුතු කළ මියගිය සොත්ති උපාලිගේ පුතා තියුණු ආයුධ තොගයක් සහ හොරෙයින් මත්කුඩු සමඟ සමග අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
සැකකරු සමඟ කඩුවක් , කිනිසි තුනක් මෙන්ම හොරයින් මත්කුඩු ග්‍රෑම් නවයක් පොලිසිය භාරයට ගෙන ඇත.
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ නිවසක් තුළ හොරයින් ජාවාරමක් සිදුවන බවට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක ප්‍රියදර්ශන විතානගේ මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.
වයස අවුරුදු 28 ක් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පා වගේම පුතත් මේ රටට පිළිලයක් වෙයි වගේ.. දැන් කීප වතාවක්ම පාතාල පුතත් අහු උනා නීති විරෝධී වැඩ වලට...
සොත්ති උපාලි කියන්නේ හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාසගේ දකුණු අත.
දේශපාලකයන් ගෙන්ම පුස් පුම්බගෙන තාත්තාත් ඉක්මනටම සමු ගත්තා, මොහුත් දේශපාලකයන්ගෙන්ම මට්ටු නොවේවා!!!!!!!!