(ප්‍රියාණි මංගලිකා )
නිකවැරටිය නගරය හරහා ඊයේ (6) රාත්‍රී හඹා ගිය වැස්සත් සමඟ නිවාස 33 කට හානි සිදුවීමෙන් පවුල් 27 පුද්ගලයන් 92 ක් ආපදාවට ලක්ව ඇති බව ප්‍රාදේශීය ලේකම් කාර්යාල අද (7) පැවසීය.
මෙහිදී මෙම සුළි සුළඟින් බුදුමුත්තාව සහ විහාරගම යන ග්‍රාම නිලධාරී වසම් දෙක තුළ නිවාස 25ක්,පොදු ස්ථාන 2 ක් ,ව්‍යාපාරික ස්ථාන 5ක් ලෙස ආපදාවට ලක්ව ඇති බවද ජීවිත හානි කිසිවක් හෝ පුද්ගල අනතුරු කිසිවක් සිදුව නොමැති බවද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
සුළි සුළඟින් ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී ,විදුලිය කණු කඩා වැටීමෙන් විදුලිය බිඳ වැටීම් ද සිදු වී ඇති බවද ,ඒවා යථා තත්වයට පත් කිරීමට එදින රාත්‍රියේ සිටම පියවර ගත් බවද ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහන් කළේය.
මේවන විට යුද හමුදා නිලධාරීන් විසින් පොලීසියේ ද සහය ඇතිව නිවාස මතට කඩා වැටී ඇති ගස් ඉවත් නිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවද ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා පැවසීය.
ආපදා තත්වය සිදුවූ රාත්‍රියේම එම ස්ථානයට ගොස් සිදු වූ ආපදා තත්වය පිළිබඳව වහා ක්‍රියාත්මක වී තම නිලධාරීන් සමඟ නිකවැරටිය පොලිසිය ,විදුලි බල මණ්ඩලය ,දැව සංස්ථාව හා ජනතාව එක්ව ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට පියවර ගත් බවද ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා පැවසීය.
ආපදාවට ලක් වූ සියලු නිවාස ප්‍රතිසංස්කරණය කිරීමට සහ එම පවුල් වෙත වියළි සළාක ලබා දීමටද ,ආපදාවට ලක්වූ පිරිස් වලට අවශ්‍ය සියලු සහන ලබා දීමට මේ වන විට පියවර ගෙන ඇති බවද ,කඩිනමින් ඔවුන්ගේ ජන ජීවිත යථා තත්වයට පත් කිරීමට පියවර ගන්නා බවද ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය .
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සුළිඟින් නිකවැරටියේ 92 ක් ආපදාවට