IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සිංහල දෙමළ මිතුරන් දෙදෙනා එකට සමුගනිති

අනීෂා මානගේ
 
රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වූ සිංහල හා ද්‍රවිඩ මිතුරන් දෙදෙනෙකු අද(28) සවස අගුණුකොළපැලැස්ස ආචාරිගම සුසාන භූමියේ එකම වළක මිහිදන් කෙරිණි.
 
මෙලෙස අවසන් කටයුතු සිදුකෙරුණේ අගුණකොළපැලැස්ස අචාරිගම ප්‍රදේශයේ පදිංචි නාලක ඉරෝෂන්(31) හා ගාල්ල නෙළුව ප්‍රදේශයේ පදිංචි රාජේන්ද්‍ර ශිවකුමාර(19) නම්   මිතුරන් දෙදෙනෙකි.
 
මියගොස් ඇති තරුණයන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ එකම සේවා ස්ථානයක සේවය කළහ.  මිතුරන් දෙදෙනා පසුගිය 25 දින   යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී රාත්‍රී 11.30ට පමණ අනතුරකට ලක්වී ජීවිතක්ෂයට පත්ව තිබේ.
 
ද්‍රවිඩ ජාතික තරුණයා දිළිදු පවුලක තරුණයෙකු වන අතර   ජීවිතක්ෂයට පත්වූ මිතුරන් දෙදෙනාගේ අවසන් කටයුතු එකම දිනයේ එකම සුසාන භූමියේදී සිදුකිරීමට  ඥාතීන් තීරණය කර තිබේ.
 
අගුණුකොළපැලැස්ස ආචාරිගම නිවසේ තැන්පත් කර තිබූ මිතුරන් දෙදෙනාගේ දේහයන් අද සවස ආචාරිගම සුසාන භූමියේදී එකම වළක මිහිදන් කෙරිණි. තවද මිය ගිය මිතුරන් දෙදෙනාට පින්පතා පවුලේ ඥාතීන් විසින් මතක වස්ත්‍ර පූජා කර පැන්වැඩීමද සිදුකරනු ලැබීය. මේ සදහා මිතුරන් දෙදෙනාගේම පවුලේ ඥාතීහු සහභාගී වූහ.



අදහස් (1)

සිංහල දෙමළ මිතුරන් දෙදෙනා එකට සමුගනිති

erdi Tuesday, 28 August 2018 06:10 PM

අතිශය කණගාටුදායක පුවතක්. පුතුනුවනි ඔබ දෙපලට නිවන් සුවය ලැබේවා. මතු සසර මෙවන් අකල් මරණයක් නොවී එක මවකුස ඉපදේවා. ලංකාදීපයට ස්තුතියි..

:       0       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site