(දියතලාව - ඩී.කේ.රත්න)
හාලිඇල ප්‍රාදේශීය ලේකමි කොට්ඨාශයට අයත් බෝගහමඩිත්ත සිංහපුර රක්ෂිතයේ අද (30) දහවල් ඇතිවූ හදිසි ගින්නකින් රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.
මෙම ගිනි ගැනීම නිසා මෙම රක්ෂිතයේ තිබූ වටිනා ශාඛ විශේෂ රැසක් හා දුර්ලභ ගණයේ ඖෂධ පැලෑටි රැසක් ගිනිගෙන විනාශවී ඇත.
කිසියම් පුද්ගලයෙකු විසින් හෝ කිසියම් කණ්ඩායමක් විසින් සතුන් දඩයම් කිරීමට හෝ විනෝදය සහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතයි හාලිඇල පොලීසිය කියයි.
හාලිඇල ප්‍රදේශයට අද (30) හවස 2.00 පමණ ඇද හැලුණු වර්ෂාපතනයත් සමග මෙම ගින්න නිවී තිබේ. මෙම නිසා හාලිඇල කද්දෙගෙදර සහ අලුගොල්ල ප්‍රදේශවලටද පැතිරීයාමේ අවදානමට ලක්ව තිබු මෙම ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
452
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිංහපුර රක්ෂිතයේ හදිසි ගින්නක්