IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


සුසාන භූමියේ කළහකාරී ලෙස හැසිරුණු සිව්දෙනා අත්අඩංගුවට

(සිතුම් චතුරංග)

           

යාපනය,පුත්තූර්,කින්දුපිට්ටි හින්දු සුසාන භූමිය වෙත මෘත දේහයක් අදාහනය කිරීමට විරෝධය පලකරමින් කළහකාරීව හැසිරුණු පුද්ගලයින් සිව්දෙනකු අද (28) සැකපිට අත්අඩංගුවට ගත් බව අච්චුවේලි පොලිසිය පවසයි.

මෘත දේහය ආදහනය සඳහා පෙරේදා(27) පිරිසක් රැගෙන ඒමත් සමඟ කින්දුපිට්ටි ගම්මානයේ දෙපිරිස  අතර මෙම නොසන්සුන්කාරී තත්වය හටගෙන ඇති අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

ගම්මානයේ පුද්ගලයකුගේ සිරුර ආදාහනය කිරීම සඳහා දේහය රැගෙන සුසාන භූමිය වෙත පැමිණීමත් සමඟ සුසාන භූමිය අවට පදිංචිව සිටි පිරිස ප්‍රකෝප වී අතර පසුව මෙම නොසන්සුන්කාරි තත්වය හටගත් බව අච්චුවේලි පොලිසිය පවසයි.

යාපනය,පුත්තූර් කලෙයිමදි ගම්මානය මධ්‍යයේ පිහිටි මෙම සුසානභූමිය කලකට ඉහතදී මෘත දේහයන් ආදහනය නොකළ අතර පසුව ප්‍රදේශවාසීන් පිරිසස් නැවතත් මෘත දේහයන් රැගෙන එමින් ආදාහනය කිරීම ආරම්භ කර ඇති බව ද පැවසීය.

පසුකාලීනව සුසානය ආසන්නයේ නිවාස ඉදිකිරීමත් සමඟ සුසානය තුළ ආදාහන කටයුතු සිදුනොකර ඇති අතර, ප්‍රදේශයේ මියගිය පුද්ගලයකුගේ සිරුර අදාළ සුසාන භූමිය තුළ ආදාහනය කිරීමට රැගෙනඒමත් සමඟ සුසාන භූමිය අවට පදිංචිකරුවන් හා මළ සිරුර රැගෙන පැමිණි පිරිස සමඟ නොසන්සුන්කාරි තත්වය හටගෙන තිබිණි.

මීට පෙර ද අදාළ සුසානය තුළ මළ සිරුරු අදාහනය කිරීම සම්බන්ධයෙන් ගැටුමක් හටගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් යාපනය මල්ලාකම් අධිකරණයේ ද අධිකරණ නඩු විභාගයක් ද පවතින බව පොලිසිය සඳහන් කළේය.

මෘත දේහය අදාහනය සඳහා රැගෙන ඒමත් සමඟ ඇති වු නොසන්සුන්කාරි තත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිස් කැරලි මර්දන ඒකකය ද කැදවීමට සිදුවු බව අච්චුවේලි පොලිසිය පැවසීය.

අනතුරුව දේහය රැගෙන ආ පිරිස සුසාන භූමිය ඉදිරිපිට හිඳගනිමින් විරෝධතාවක නිරත විය. අත්අඩංගුවට ගත් පිරිස යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, යාපනය අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

සුසාන භූමියේ කළහකාරී ලෙස හැසිරුණු සිව්දෙනා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 844 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2486 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1784 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site