IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘සංවර්ධන ක්‍රියාවලියේ දී පුරවැසියන්ගේ සතුට ඉතා වැදගත්’

හර්ෂණ තුෂාර සිල්වා 

සංවර්ධන ක්‍රියාවලියේදී පුරවැසියන්ගේ සතුට ඉතා වැදගත් යැයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (25) පැවැසීය.

ආර්ථික වශයෙන් සෞභාග්‍ය සහ සතුටින් පසුවන පුරවැසියන්, සමාජ සාධාරණ ජාතියක්, ස්වභාවික පරිසරයත් සහ ඉතා හොඳ සමගියකින් සහයෝගයකින් ජීවත් වන රටක් බිහි කිරීම සංවර්ධන ක්‍රියාවලියේ අරමුණ යැයි ද හෙතෙම කීය. 

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති යටිතල පහසුකම් සංවර්ධන පිළිබඳ ආසියා ශාන්තිකර සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අම එම කරුණු කීය.

ආසියා ශාන්තිකර කලාපයේ යටිතල පහසුකම් සබඳතාව යන තේමාව යටතේ ඊයේ (24) ආරම්භ වූ මෙම සම්මන්ත්‍රණය අනිද්දා (27) අවසන් වීමට නියමිතය.

එහිදි අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේ ද කීය. 

“ඉදිරි වසර වලදී ආසියාවේ යටිතල පහසුකම් වෙළෙඳපොළ සියයට 7ත් 8ත් අතර වාර්ෂික වර්ධන අනුපාතයක් පෙන්නුම් කරාවි. මෙම වර්ධන අනුපාතයත් සමඟ වසර 2025 වනවිට සමස්ත යටිතල පහසුකම් වෙළෙඳපොලේ වටිනාකම ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 5.3ක් වේවි. එය ලෝකයේ සමස්ත සංඛ්‍යාවෙන් සියයට 60කට ආසන්න වෙනවා. ඒ නිසා ජාතියක් වශයෙන් එම යටිතල පහසුකම් වෙළෙඳපොළට එක්වීමේ වගකීමක් තිබෙනවා. අපි අත්‍යවශයෙන්ම එය කළ යුතුයි. 

ඒ වෙනුවෙන් අපි මහ පරිමාණ පෙර නොවූ සංවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. එහි නම බස්නාහර මහනගර සංවර්ධනයයි. එක් මහනගරයක් ලෙසින් සම්පූර්ණ බස්නාහිර පළාත් සංවර්ධනය කිරීම එහි සැලැස්මයි. ඒ තුළින් වසර 2030 වනවිට අපේ රටේ ඉහළ ආදායම් සහිත සංවර්ධිත රටක් බවට පත් කිරීම අපේ අරමුණයි. 

මෙම අතිවිශාල උපායමාර්ගය දූරදර්ශී විය යුතු අතර ගෝලීය, කලාපීය සහ ආර්ථික සංවර්ධන ක්‍රියාවලි සමඟ සමපාත විය යුතුයි. සුප්‍රකට ලේඛකයකුගේ නිරීක්ෂණයක් ඔබේ අවධානයට යොමු කිරීමට මම කැමැතියි. මීට වසර කිහිපයකට පෙර ගෝලීය භූ දේශපාලනය පිළිබඳ විද්වතකු වන  රොබට් ඩී කප්ලාන් පොතක් ප්‍රකාශයට පත්කළා.

ඉන්දියානු සාගර කලාපයේ නැවත නැගී සිටීම සම්බන්ධයෙන් ඒ පොතේ කරුණු සඳහන් වෙනවා. එමෙන්ම 21 වැනි සියවසේ වැදගත්ම සාගරය සහ සාගර කලාපය ඉන්දියානු සාගර කලාපය යැයි ද ඔහු සඳහන් කර තිබෙනවා. එම කෘතියේ නම ‘ද මොන්සූන්’. ආචාර්ය කප්ලාන් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශකයකු වශයෙන් ද කටයුතු කළා.



අදහස් (1)

‘සංවර්ධන ක්‍රියාවලියේ දී පුරවැසියන්ගේ සතුට ඉතා වැදගත්’

Raveendra Tuesday, 26 June 2018 04:32 AM

මගේ අම්මේ.... මේ ගොයියත් දැන් හෙන කතාකාරය වෙලා නේද ? හා ...හා....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site