විදුලි ක්ෂේත්‍රයට අදාලව නව තාක්ෂණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය සිසුන්ට අවබෝධයක් ලැබීම උදෙසා වැඩසටහනයක් ලබන 23 වැනිදා යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
විද්‍යුත්, යාන්ත්‍රික සහ සිවිල් ඉංජිනේරු යන පීඨ තුන ආවරණය වන අයුරින් මෙම වැඩසටහන පැවැත්වෙන අතර එය සම්මන්ත්‍රණයකින් සහ පරිගණක ඉදිරිපත් කිරීම්වලින් සමන්විතය.
විද්‍යුත්, යාන්ත්‍රික සහ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රවල ප්‍රවීණයන් තිදෙනකු විසින් මෙහිදි දේශන පවත්වනු ලැබේ.
විශ්වවිද්‍යාලවල සිසුන්ගේ දැනුම ඉහළ නැංවීමේ අරමුණින් මෙවැනි වැඩසටහනක් පැවැත්වෙන අතර ඉදිරියේදී අනෙකුත් විශ්වවිද්‍යාල සමඟද මෙවැනි වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදන බව යාපනය විශ්වවිද්‍යාලය සඳහන් කරයි.
මෙම වැඩසටහනට බ්‍රිතාන්‍ය සහ අනෙකුත් ජාත්‍යන්තර සම්මතවලට අනුව පැවැත්වේ. මාල්බෝ ට්‍රෙවින් සමාගම විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නොමිලේ සිදුකරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සරසවි සිසුන්ට නව දැනුම කියා දෙන්න සම්මන්ත්‍රණයක්