(දිලීප් ජයසේකර)
සුරියවැව පාසලක් පිටුපස නිවසක පවත්වාගෙන ගිය කංසා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් අද (10) සමත් වී තිබේ.
සුරියවැව විදුහලක් පිටුපස නිවසේ ඇති මඤ්ඤොක්කා වගාවක් තුළ කංසා හේනක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් අද (10) අලුයම එම නිවස වටලනු ලැබීය.
එහිදී එම නිවසේ මඤ්ඤොක්කා වගාව තුළ ඉතා සුක්ෂමව පර්චස් 20ක පමණ කොටසක මෙම කංසා හේන සකස්කර තිබුණි.ඉතා සරුවට අඩි පහක් පමණ උසට වැඩි තිබුණු මෙම කංසා හේනේ තිබි ගංජා පැල 700ක් ගලවා විනාශ කිරීමට විශේෂ කාර්ය බළකා නිළධාරීන් කටයුතු කර තිබේ.
කංසා හේන පවත්වාගෙන ගිය 37 හැවිරිදි එක්දරු පියෙකු වු නිවසේ හිමි කරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු කාලයක් තිස්සේ හොර රහසේ මෙලෙස කුඩා කුඩා බිම් කඩවල් සකස් කර ගංජා හේන් පවත්වාගෙන ගොස් තිබු බවයි මුලික පොලිස් ප්‍රශ්න කිරිම් වලදි අනවාරණය වි තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සූරියවැව පාසලක් පිටුපස නිවසක කංසා වගාවක්