IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සූරියවැව පවුල් 300 කට කීල්ස් වෙතින් අත්‍යවශ්‍ය භාණ්ඩ පාර්සල්

සූරියවැව ප‍්‍රදේශයේ හුදෙකලා කර ඇති  ගම්බද ප‍්‍රදේශ වල පවුල් 300කට පමණ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් කීල්ස් ආයතනය  පසුගිය 2 වැනිදා සංවිධානය කර තිබිණි.

සූරියවැව  පළාත් පාලන අංශය කීල්ස් ආයතනයට දන්වා තිබු පරිදි ඒ  විගස, කීල්ස් ආයතනය මෙම පවුල් 300ට අත්‍යවශ්‍ය භාණ්ඩ පාර්සල් සකසා, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් සමඟ එක්වී  මෙම පාර්සල් බෙදා දීමට පියවර ගත්තේය.
 
සූරියවැව ප‍්‍රදේශය, 2010 වසරේ සිට  කීල්ස් ආයතනයට එළවළු හා පළතුරු සපයන ප‍්‍රදේශයකි.
 
මෙම ප‍්‍රදේශයේ ජීවත් වන ගොවි මහතුන් නැවුම් එළවළු සහ පළතුරු ලබා දෙමින් අඛණ්ඩව අප ආයතනයේ වර්ධනයට සහයෝගය ලබාදෙන අතර මෙවැනි අභියෝගාත්මක කාල වලදී ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනගා ගැනීමටත් ස්ථාවර ආදායම් මාර්ගයක් නැවත ලබාගැනීමටත් සහයෝගය ලබාදීමට අපි කටයුතු කරමු.
 
ජෝන් කීල්ස් පදනම සමඟ එක්ව කීල්ස් ආයතනය 2016 සිට සූරියවැව ප‍්‍රදේශයේ වයස අවුරුදු 12ත් 14ත් අතර ළමුන් සඳහා ඉංග‍්‍රීසි භාෂා ශිෂ්‍යත්ව 180ක් ලබාදී ඇත.
 
මෙවන් අවස්ථාවක ආයතනයක් ලෙස හැකි අයුරින් උපකාර කිරීමට අපි සූදානම් . මීට අමතරව, මාර්තු මස අවසාන භාගයේදී කීල්ස් ආයතනය විසින් ත‍්‍රිවිධ හමුදාවටත්, බෝ වන රෝග රෝහල සහ පුණ්‍ය ආයතන සඳහා එළවළු ටොන් 20ක් පරිත්‍යාග කර ඇත.
 
ගම්පහ දිස්ත‍්‍රික් රෝහලෙන් මුහුණු ආවරණ සඳහා කරන ලද ඉල්ලීමකට අනුව අප්‍රේල් මාසයේදී රෝහලට භ95 මුහුණු ආවරණ 500ක් ලබා දීමටත් කටයුතු කර ඇත.
 
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සිල්ලර වෙළඳ අංශයේ සභාපති චරිත සුබසිංහ පවසා සිටියේ ”එකිනෙකාට සහයෝගය දක්වමින්  හා එක්ව වැඩකරමින් මෙම අභියෝගය ජයගත හැකි බවත් මෙවැනි අභියෝගාත්මක කාලයන්හිදී ව්‍යාපාර ආයතන හා සම්බන්ධ සියලූ පාර්ශවකරුවන්ද මේ තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය සහය ලබාදීම ආයතනවලට ඇති වගකීමක් බවයි.
 
වගකීමෙන් කටයුතු කර දේශයක් ලෙස මේ අභියෝගය ජයගත හැකි බවද ඔහු සඳහන් කළේය.


 



අදහස් (2)

සූරියවැව පවුල් 300 කට කීල්ස් වෙතින් අත්‍යවශ්‍ය භාණ්ඩ පාර්සල්

jayath Thursday, 07 May 2020 03:43 AM

අන්තිම අහිංසක අසරණ මිනිස්සු කොටසක් ඉන්න පළාතක්. කවදාවත් කව්රුවත් ඔවුන්ගේ යහපතට මොනවත්ම කරලා නැහැ. ජාත්‍යන්තර ක්‍රීඩාංගන , කාපට් පාරවල් , ඕවයින් මේ මිනිස්සුන්ට වෙච්ච සෙතක් නැහැ.

:       0       7

Ruhunu Thursday, 07 May 2020 05:25 AM

අපි මෙම සත්ක්‍රියාව අගය කරන්නෙමු.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 42 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site