(ඩබ් ඒ පියතිලක)
සෝමාවතිය ජාතික උද්යානයේ තිඹිරි ඇළ ප්‍රදේශයේ ඝණ වනාන්තරය තුල වටිනා ගස් කපා විනාශ කර දමා මහා පරිමාණ දැව ජාවාරමක් සිදු කර ඇති බව පොලොන්නරුව කොට්ඨාස දුෂණ මර්ධන අංශය කියයි.
ලද තොරතුරක් අනුව මෙම උදයානය තුල කිසියම් ජාවාරම්කරුවන් පිරිසක් වනය තුළ ඇති පළු, කුඹුක් සහ තිඹිරි වැනි වටිනා ගස් කපා දමා දැව ජාවාරම් සිදු කරන බවට ලද තොරතුරට අනුව දින දෙකක් පුරා කිලෝ මිටර් 15ක් පමන උද්‍යානය තුල කල මෙහෙයුමකින් අනාවරණය කර ගැනිමට හැකිව තිබේ.
මෙම තිඹිරි ඇළ අවට කිසිදු විශාල ගසක් ඉතිරි නොකර සියලුම විශාල ගස් කපා දමා ඇත.
එක් දිනක් තුල පමණක් මිටර් 500ක් පමණ අවට ඇති වටිනා පළු , කුඹුක්, සහ තිඹිරි ගස් 20ක් පමණ කපා තිබෙන් අයුරු දක්නට තිබේ.
ජාවාරම්කරුවන්ට ගවයින් දමා සිටින පුද්ගලයින් විසින් ජාවාරම්කරුවන්ට පොලිසිය උද්‍යානයට ඇතුල් වී ඇති බවට තොරුතුරු ලබා දිම නිසා පොලිසිය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම සදහා දින දෙකක් රැක සිටියත් කිසිදු පුද්ගලයෙක් උද්‍යායානයට නොපැමිණි බව පොලිසිය පවසයි.
පොලිසිය පවසා සිටින්නේ ලී ජාවාරම්කරුවන්ටත්, දඩයම්කරුවන්ටත් , කසිප්පු ජාවාරම්කරුවන්ට ආරක්සාව සපයා දෙන්නේ එම උද්‍යායනය තුල රැදි ගවයින් බලා ගන්නා පුද්ගලයින් විසින් බවයි.
සෝමාවතිය ජාතික උද්‍යායානයේ තිඹිරි ඇළ ප්‍රදේශයේ අවට මහ වනානතරය තුල විශාල වටිනා ගස් කපා දමා එම ගස් ලී බවට පත් කරගෙන රැගෙන ගොස් තිබෙන අයුරු දැක ගත හැකි විය.
මෙම උද්යානය තුල ලී ජාවාරම සහ කසිප්පු ජාවාරමත් , සත්න් දඩයම ජයටම සිදුවන ප්‍රදේශයේ ජනතාව පවසා සිටි.
පොලොන්නරුව කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ නිළධාරින් දින දෙකක් දිවා රාත්‍රියේ රැක සිට ලී ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනිමට උත්සාහ කලත් ජාවාරම් සිදු කල පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට හැකි වී තිබේ. ලී ජාවාරම් කරුවන් පලා ගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි.



2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2413
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෝමාවතිය ජාතික උද්‍යානයේ මහා පරිමාණ දැව ජාවාරමක්