IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සැමියාගේ අවමඟුලට සෞදියේ සේවය කළ බිරිඳ දින දෙකකින් ගෙන්වයි

විනීතා එම් ගමගේ

                                                 
සෞදි අරාබියේ සේවය කළ කාන්තාවක් මියගිය තම සැමියාගේ අවමඟුලට සහභාගී විම සඳහා දෙදිනක් ඇතුළත දී ලංකාවට ගෙන්වා දීමට ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකියාව ලැබී තිබේ. 
 
අම්පාර, මහඔය, දඹදෙණිය ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන ඒ එම් රත්නාවතී මහත්මිය සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස සේවය කරන අතර මියගිය සැමියාගේ අවමඟුලට සහභාගී වීම සඳහා මෙසේ දින දෙකක් ඇතුළත ගෙන්වා ගෙන ඇත්තේ කාර්යංශයේ හා සෞදි  තානාපති කාර්යාලයේ ඍජු  මැදිහත් වීම මතය.  


මෙම කාන්තාව 2016 වසරේ ගෘහ සේවිකාවක් ලෙස විදේශ ගත වී ඇති අතර  වසර 2 මාස 5ක කාලයක් එරට නිවෙස් තුනක සේවය කර ඇත.


ඇයගේ සැමියා පසුගියදා හදිසියේ මරණයට පත්වූ අවස්ථාවේ දරුවන් තිදෙනා රැක බලාගැනීමට සහ අවසන් කටයුතු සිදුකිරීම සඳහා වෙනත් කිසිවෙකු නොමැති බව සඳහන් කරමින් ඇය දිවයිනට ගෙන්වා ගැනීම සඳහා මහඔය ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ ලිපියක් සහිතව එදිනම කාර්යාංශයේ අම්පාර පුහුණු මධ්‍යස්ථානයට පවුලේ ඥාතින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 


ඒ අනුව එදිනම මේ පිළිබදව රියාද් තානාපති කාර්යාලයට දැනුම් දුන් අවස්ථාවේ තානාපති කාර්යාලය විසින් සේවක මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කර ඇති අතර ඇය දැනට සේවය කරන නිවසේ හිමිකාරිණිය සඳහන් කර ඇත්තේ ඇය දිවයිනට එවීමට කටයුතු කළ හැකි බවත් කොපමණ කලක් ගතවේ දැයි කිව නොහැකි බවත්ය.


කෙසේ වෙතත් තානාපති කාර්යාල නිළධාරීන් රත්නාවතී මහත්මිය මුල් වරට සේවය කළ නිවසේ හිමිකරුවන් දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ඇති අතර ඔවුන් ඇය වහා දිවයිනට එවීමට කැමැත්ත පළකර ඇත. 


ඒ අනුව රියාද් තානාපති කාර්යාලයේ හා කාර්යාංශයේ මැදිහත් වීම මත ඇය දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවූ අතර ඇයගේ ගුවන් ටිකට්පත තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත කාර්යාංශයේ සේවක සුභසාධක අරමුදල මගින් ලබාදී ඇත. 


එසේම දිවයිනට පැමිණි පසු සහන පියස සුභසාධන මධ්‍යස්ථානය හරහා මහනුවර දක්වා වෑන් රථයකින් ප‍්‍රවාහන පහසුකම් සලසා දුන් අතර, එතැන් පටන් බස් රථයකින් නිවෙස බලා යාමට අවශ්‍ය ගමන් ගාස්තු ද ඇයට ලබා දී නිවසට යැවු බව කාර්යංශයේ නිලධාරියෙක් පැවැසීය.  . 
 



අදහස් (2)

සැමියාගේ අවමඟුලට සෞදියේ සේවය කළ බිරිඳ දින දෙකකින් ගෙන්වයි

king Wednesday, 27 June 2018 11:56 AM

ඈත්තටම , මේ අය ලංකාවෙන් පිට වෙනකොට ගෙවන රක්ෂණය යටතේ මේ සියලුම දේවල් ආවරනය වෙලා තියෙන්නෙ. මුකුත් විශේශයෙන් කරලා නෑ. එකම දේ මේ කෙනාගෙ පාස්පෝට් එක තිබිල ඈත්තෙ ඈ පලමුවෙන්ම වෑඩට ගිය ගෙදර. ඒ අය ඒක තියාගෙන ඉන්න ඈති මේ කෙනා එතනින් ඉවත් උන හින්දා. ඒක අරන් දුන්න එක තමයි ලොකුම උදව්ව.

:       0       24

Ruwan Wednesday, 27 June 2018 09:34 PM

ඕක ඔච්චර ලොකුවට කියන්න දෙයක්ද.... හරි නම් දවසින් එවන්න ඕන. දවස් දෙකක් පොල් ගෑවද?

:       21       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site