IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ

( තිලකරත්න දිසානායක.)

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බවට අද පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී තීරණය කෙරිණි. 

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බානගල , මිරිස්හේනකන්දේ පිහිටි කළු ගල කැඩීමට සූදානම් වන බැවින් විශාල පාරිසරික ප්‍රශ්ණයක් ඇතිවන බවට දිවුලපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව මගින් යොමු කරන ලද ගැටළුව සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම තීරණය ගනු ලැබීය. 

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙහි සම සභාපතිවරුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න , ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න සහ දිසාපති සමන් දර්ශන පාඩිකෝරාල යන මහත්වරුන් ඇතුලු ජනතා නියෝජිතයින් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති කමිටු රැස්වීමේදී මෙම තීරණය ගැණින.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටියදී බානගල කන්ද සුරැකීමේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් සහ හකුරුකුඹුර විහාරස්ථානාධිපති රොටුඹ නාරද නාහිමියන් රැස්වීම් ශාලාවට ඇතුලු වෙමින් මෙම ගල කැඩීමට අවසර නොදෙන ලෙසත් මීට විශාල ජන කැළඹීමක් ඇති විය හැකි බවත් පැවසූ අතර මීරිගම සහ දිවුලපිටිය ප්‍රදේශයන්හි ගල් කැඩීම මහා පරිමාණයෙන් සිදුවන බැවින් අනාගතයේදී කාන්තාර බවට පත්විය හැකි බවත් සදහන් කරමින් සම සභාපතිවරුන් වෙත ලිපියක් බාර දුන්හ.

මෙම කළු ගල කැඩීමට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව එකඟතාවය පළ නොකරන බව දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් මානෙල් කුමාරි මහත්මිය මෙහිදී ප්‍රකාශ කළ අතර කමිටු සම සභාපති සහන් ප්‍රදීප් මහතා සහ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සදහන් කර සිටියේ , කළු ගල් තලාවක් කැඩීම හේතුවෙන් ජනතාවට හානිකර තත්ත්වයක් ඇතිවන්නේ නම් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඇතුලු අදාල ආයතනයන්හි නිර්දේශයක් නොමැතිව භූ විද්‍යා කාර්යාංශයේ කැනීම් ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය මත පමණක් බල පත්‍රයක් නිකුත් කිරීම සුදුසු නොවන බවය.

මෙහිදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ගම්පහ ප්‍රාදේශීය ඉංජිනේරු එම්.ඩී.ඩබ්ලිව්.එම්.පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ, අදාල ගල කැඩීම පිනිස බලපත්‍රය නිකුත් කිරීම කාර්යාංශය මගින් නිකුත් කොට ඇති චක්‍රලේඛයට සහ උපදෙස් පරිදි සිදුව ඇති බවය.



අදහස් (0)

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30664 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12664 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10918 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 805 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 891 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site