IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


‘සබරගමු පළාතේ වාරි පද්ධතිය සංවර්ධනයට නව ප්‍රඥප්තියක් ඕනෑ‘-දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු

(අජිත්ලාල් ශාන්තඋදය)

සබරගමු පළාත තුළ පිහිටි වාරිමාර්ග පද්ධති සංවර්ධනයට, නඩත්තුවට සහ යාවත්කාලීන කිරිම සඳහා පළාත් වාරිමාර්ග ප‍්‍රඥප්තියක් සැකසිය යුතු බව රත්නපුර දිස්ත‍්‍රික් වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරතුංග මහතා අවධාරණය කරයි.

රත්නපුර දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී පසුගියදා ඔහු මේ බව අනාවරණය කළේය. සබරගමු පළාතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත‍්‍රික් දෙකේ ඇති කුඹුරු අස්වැද්දීම සඳහා එය විශාල පිටිවහලක් වනු ඇති බව ද ඉංජිනේරුවරයා පැවසුවේය.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ පිහිටි වාරිමාර්ග අතරින් කොටසක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ තවත් කොටසක් ගොවිජනසේවා දෙපාර්තමේන්තුවට අයත් වන බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය. නමුත් මේ ආයතන දෙකටම අයත් නොවන සුලූ වාර්මාර්ග ද ඇති බව ඉංජිනේරුවරයා කීවේය. 

පළාත් වාරිමාර්ග ප‍්‍රඥප්තියක් සකස් කර ඒ අනුව කටයුතු කිරීමේ දී පළාතේ සියලූම වාරිමාර්ග සම්බන්‍ධයෙන් සංවර්ධන තීරණ ගැනීමේ දී එය පිටිවහලක් වනු ඇති බව ද වාරිමාර්ග ඉංජිනේරුවරයා පැහැදිළි කළේය.

රත්නපුර සහකාර මහ දිසාපතිනි බී.එච්.එස්. ධනවර්ධන මහත්මියගේ සහ රත්නපුර දිස්ත‍්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සරත් චන්ද්‍රසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කමිටු රැස්වීම පැවත්විණි. 

රත්නපුර දිස්ත‍්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයා මෙහිදී පැවසුවේ මේ වනවිට රත්නපුර දිස්ත‍්‍රික්කයේ කුඹුරු සම්බන්‍ධයෙන් සංගණනයක් පවත්වා තොරතුරු ලබාගෙන ඇතිබවයි.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගොවිජන සේවාවසම් තිහ තුල මෙවර යල් කන්නයේ දී වගා නොකරන කුඹුරු ඉඩම් ද හඳුනාගෙන ඇතිබවත්, ගංවතුර තර්ජනය යල් කන්නයේ බොහෝ කුඹුරු වගා නොකිරිමට හේතුවක් බවද රත්නපුර දිස්ත‍්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සරත් චන්ද්‍රසිරි පෙන්වා දුන්නේ ය

 



අදහස් (0)

‘සබරගමු පළාතේ වාරි පද්ධතිය සංවර්ධනයට නව ප්‍රඥප්තියක් ඕනෑ‘-දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31711 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14172 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11127 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 202 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 316 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site