IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සබරගමුවේ ප්‍රාථමික පාසල් 625 ක් 21 ඇරැඹේ

(අජිත්ලාල් ශාන්තඋදය)

සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ළමයින් 200ට අඩු ප්‍රාථමික පාසල් 625ක් මේ මස (21)  සිට විවෘත කිරිමට පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේය.

පාසල් විවෘත කිරිම සම්බන්‍ධයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව ද  පැවති සාකච්ඡාවකින් පසු සෞඛ්‍ය නීති අනුගමනය කරමින් දරුවන් වෙනුවෙන් මෙම පාසල් විවෘත කිරීමට තීරණය බව ද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේ දින 122ක් පමණක් පාසල් පැවැත්වූ බව ආණ්ඩුකාරවරයා කීවේය.

 එහෙත් 2021 වසර තුල පාසල් පැවැත්වීමට හැකිවූයේ දින 56ක් පමණක් බව ද සඳහන් කළේය.

දරුවන් ගැන හිතලා පාසල් යළි විවෘත කිරිමට විදුහල්පතිවරුනගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ආණ්ඩුකාරවරයා පැවසුවේය. ගුරු විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් සම්බන්‍ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සාධාරණ පියවරක් ගනු ඇතැයි ද පළාත් ආණ්ඩුකාරවයා කීවේය.

සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ සේපාල කුරුප්පුආරච්චි මහතා පැවසුවේ අදියර තුනක් යටතේ සබරගමු පළාතේ පාසල් විවෘත කිරිම 21 දා ආරම්භ කරන බවයි.

 මුල් අදියර යටතේ පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා වු ප්‍රාථමික පාසල් දරුවන් සඳහා විවෘත කරන බව ඔහු කීවේය.

සබරගමු පළාතේ බොහෝ පාසල්වල ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ පළාත් පාලන ආයතනවල සේවකයින් එක්ව එම පාසල් පවිත්‍රතා කටයුතු සිදුකර අවසන් බව ද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා කීවේය. ඒ අනුව 21 දින සබරගමු පළාතේ ප්‍රාථමික පාසල්වලට දරුවන් 30000ක් පමණ පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බවද සඳහන් කළේය.

සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් 18, 19 සහ 20 වන දින එම පාසල් විවෘත කිරිම සම්බන්‍ධයෙන් පූර්ණ අධීක්‍ෂණය කිරීමට වගකිවයුතු නිලධාරියෙක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පත්කර ඇති ව ද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා එම සාකච්ඡාවේ දී පැවසුවේය.

ගුරු විදුහල්පතිවරුන් නොපැමිණි නිසා ළමයින් 200ට අඩු පාසල් සුද්ද පවිත්‍ර කිරිම 18දා වන විටත් බව ඇතැම් පාසල්වල දරුවන්ගේ මව්පියෝ කීහ. ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සංවිධානවල ශාඛා නියෝජිතයන්ගෙන් විමසුවිට ඔවුන් පැවසුවේ ආණ්ඩුවට හිතවත් ගුරු විදුහල්පතිවරු කිහිප දෙනෙක් හැර සෙසු ගුරු විදුහල්පතිවරු 21දා පාසල් විවෘතකිරීමේ කාර්යයට සහාය නොදෙන බවයි.

 

 

 

 

 



අදහස් (0)

සබරගමුවේ ප්‍රාථමික පාසල් 625 ක් 21 ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 67 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site